සෙලාන් බැංකුව සහ ලංකා වාණිජ මණ්ඩලය වෙතින් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් අපනයනය පිළිබඳ වෙබ් සම්මන්ත්‍රණයක්

0
33

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, ලංකා වාණිජ මණ්ඩලය සමග එක්වී, මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් නොමිලේ වෙබ් සම්මන්ත්‍රණයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ‘ඔබේ නිෂ්පාදන අපනයනය සඳහා සුදානම් කර ගන්නේ කෙසේද? ඔබේ නිෂ්පාදන හා සේවාවන් සඳහා නව අපනයන වෙළෙඳපොළක් සොයාගන්නේ කෙසේද?’ යන මාතෘකාව යටතේ, 2021 ඔක්තෝබර් මස 03 දින පස්වරු 2.00 සිට 3.00 දක්වා මෙම සම්මන්ත්‍රණය පැවැත්වෙනු ඇත. Zoom, LinkedIn, සහ YouTube ඔස්සේ මෙන්ම සෙලාන් බැංකුවේ සහ ලංකා වාණිජ 54 නිල සමාජ මාධ්‍ය පිටු ඔස්සේ මෙය සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා තිබේ.

මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට අත්වැලක් වීමට සෙලාන් බැංකුව සෑම විටම කටයුතු කර ඇත. රටේ ආර්ථිකයෙන් අඩකට වැඩි ප්‍රමාණයකට දායක වන එම ව්‍යාපාර, රැකියා අවස්ථා මිලියන ගණනක් උදා කර දී තිබේ. මෙම ව්‍යාපාර රටේ සංවර්ධනයට අතිශයින් වැදගත් බවත්, එම ව්‍යාපාර වලට විදේශ වෙළඳපොළ වෙත පිවිසීමටද අවස්ථා උදාකර දිය යුතු බවත් සෙලාන් බැංකුව තරයේ විශ්වාස කරයි.

COVID-19 ව්‍යාප්තිය නිසා ආර්ථිකයට ඇතිවූ බලපෑම් හමුවේ විවිධ දුෂ්කරතා වලට මුහුණ දී සිටින සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට ශක්තියක් වෙමින්, එම දුෂ්කරතා ජයගැනීමට ඔවුන්ට මගපෙන්වීම මෙම සම්මන්ත්‍රණයේ මූලික අරමුණ වේ. සෙලාන් බැංකුව සහ ලංකා වාණිජ මණ්ඩලයේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා වන මධ්‍යස්ථානය එක්ව සැලසුම් කළ මෙම සම්මන්ත්‍රණය තුළදී නිෂ්පාදන හා සේවාවන් අපනයනය කිරීම සම්බන්ධයෙන් මූලික අවධානය යොමුවනු ඇත.

Kent සමූහ ව්‍යාපාර පුද්ගලික සමාගමේ සභාපති / කළමණාකරණ අධ්‍යක්ෂක ගාමිණී සපරමාදු, School of Foreign Trade & Export Strategy හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයේ ජාතික උපදේශක/ප්‍රධාන ජාතික පුහුණුකරු උපුල් දසනායක, ජ්‍යෙෂ්ඨ විශේෂඥ සහ, වෙළඳ පහසුකම් සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සංවර්ධනය සම්බන්ධ ජාත්‍යන්තර උපදේශක හසිත විජේසුන්දර යන මහත්වරුන් මෙන්ම, අපනයන සංවර්ධන මණ්ඩලයේ හා සෙලාන් බැංකුවේ නියෝජිතයන් මෙහි සම්පත් දායකයන් ලෙස එක්වීමට නියමිත ය.

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය යළි නගාසිටුවීමේ අරමුණින් මෑතකදී ලංකා වාණිජ මණ්ඩලය සමග එක්වී තවත් විශේෂ සේවාවක් දියත් කිරීමට සෙලාන් බැංකුව කටයුතු කළේ ය. මේ යටතේ ලංකා වාණිජ මණ්ඩලයේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා වන මධ්‍යස්ථානයේ විශේෂ ක්ෂණික ඇමතුම් අංකයක් ඔස්සේ පුළුල් පරාසයක පැතිරුණු ව්‍යාපාර සංවර්ධන සේවාවන් එකතුවක් පිරිනමනු ලබයි. මෙම හවුල්කාරීත්වය නිසා, මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය මුහුණ දෙන දුෂ්කරතා සහ අභියෝග වඩාත් පුළුල් මට්ටමකින් ආමන්ත්‍රණය කිරීමට එම මධ්‍යස්ථානයට හැකියාව ලැබී තිබේ. ව්‍යාපාර උපදේශන හා මාර්ගෝපදේශන සේවාවන්ට අමතරව එම මධ්‍යස්ථානය සම්මන්ත්‍රණ, වෙබ් සම්මන්ත්‍රණ, වැඩමුළු සහ පුහුණු වැඩසටහන් ආදියද සංවිධානය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here